කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි


ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන ඉහළ යෑමත් සමඟ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව  6,000 ඉක්මව ගියා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (15) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව රටවල් 142 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසයෙන් ලොව පුරා මියගිය ගණන 6,036ක් යැයි ද එම සංවිධානය සඳහන් කළේය.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති ගණන 159,844 කි. මේ වනවිට කොරෝනා වයිරසය ව්‍යාප්ත වන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.

යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට ඉතාලිය අතර ඉන් පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි.

ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,391ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 196කි.

ඒ.එෆ්.පී.

055