ලොවපුරා ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
එම සංඛ්‍යාව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණනින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකි.
අද (1) පස්වරු 7 වනවිට ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 33,30,755ක් වූ අතර ඉන් සුවය ලැබූ පිරිසගේ ගණන 10,53,227ක් ලෙස දැක්විණි.
අද වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හා මරණ ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,97,032ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 63,905ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සුව පිරිසගේ සංඛ්‍යාව 1,55,829ක් ලෙස දැක්විණි.
055

