(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මොරවක දංගල කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා පාසලේ 110 ක් පමණ වන සියලුම සිසු සිසුවියන් ස්වයං නීරෝධායනයට යොමු කරන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අලපලාදෙනිය හාවාහේන පදිංචි අදාල ගුරුවරියට ඇගේ පියාට හා දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (06) තහවුරු වී ඇත්තේ ඉකුත් 04 වැනිදා සිදු කල පී.සී.ආර්.පරික්ෂණ වල ප්‍රතිඵල ලැබීමත් සමගය.
ඉකුත් 01 වැනි දින එම ප්‍රදේශයේ පදිංචි පිටබැද්දට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත බහුකාර්ය සේවිකාවක් කොරෝනා වැලදී ජීවිතක්ෂයට පත්වු අතර ඇය නිතර ආ ගිය ආප්ප කඩයක සේවකයින් තිදෙනෙකුට ද වයිරසය ආසාදනය වී තිබුණි.
ගුරුවරියගේ පියා ද එම කඩයට ගොස් තිබෙන අතර එම නිසා ඔවුන්ගේ ද පී.සී.ආර්.සාම්පල ලබා ගෙන ඇත.

