(අතුල බණ්ඩාර)
අනුරාධපු නගරයේ සහ මැදවච්චියේ රාජ්‍ය බංකුවක 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු දෙක තාවකාලිකව වසා දැමූ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.
අනුරාධාපුර නගරයේ පිහිටි ශාඛාවේ හත් දෙනකු සහ එම බැංකුවේම මැදවච්චියේ පිහිටි බැංකු ශාඛාවේ හතර දෙනකුට පසුගිය දා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව ද වෛද්‍ය අංශ කියයි.
මෙම බැංකු ශාඛා දෙකෙහි සේවය කරන අය ඇතුළු පවුල්වල 55 දෙනකු නිරෝධායනයට යොමු කළ බව ද සෞඛ්‍ය අංශ කියයි.

