(සුජිත් හේවාජුලිගේ)
ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයට පිළිපදිමින් කටයුතු නොකළහොත් කොරෝනා සිවුවැනි රැල්ලක් ඇති වීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය .
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දැනට සොයාගෙන ඇත්තේ හැට හය දෙනකු පමණක් බවත් එම රෝගීන් සමාජයේ මීට වඩා සිටිය හැකි බවත් හෙතෙම සදහන් කළේය.

