( තිළිණි ද සිල්වා )
කොරියානු රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ අවධානය යොමවී ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව එරට ධීවර, නිෂ්පාදන අංශවල රැකියාවන් හි නිරත ලාංකිකයින් ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු වී ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.
මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම තානාපති කාර්යාල ප්‍රකාශකයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් කොරියානු බලධාරීන් සමඟ ඉදිරි සති කිහිපය තුළ මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

