කොරියාව ජනපති හරසරින් පිළිගනී
සිව් දින නිළ සංචාරයක් අරඹමින් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ අද පෙරවුරු 11ට දකුණු කොරියාවේ සෝල් අගනුවරට ළඟා වූහ. දකුණු කොරියාවේ උප විදේශ ඇමැති කිම් සුං හං ගුවන් තොටේදී ජනපති හරසරින් පිළිගත්තේය.
කොරියා යුද හමුදාව ජනපති වෙනුවෙන් උත්තමාචාරයක් පැවැත්වීය.
ජනපති අඟහරුවාදා කොරියා ජනපති ලී මියුං බක් සමග සාකච්ඡාවක් ද සවස්වරුවේ කොරියා වෙළෙඳ මන්ත්‍රණ සභාව ඉදිරිපිට විශේෂ දේශනයක් ද පවත්වයි. ජනපති සමග ජනපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, ඇමැති ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්මහත්වරු ද ව්‍යාපාරිකයෝ පිරිසක් ද පැමිණ සිටිති.

