කොරියානු විභාගය කල් යයි


(විනීතා එම් ගමගේ සහ ප්‍රින්ස් රත්නායක)
කොරියානු  රැකියා සඳහා ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් තෝරාගැනීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වනු ලබන, අද (23) වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
 
ඒ අනුව, නැවත මෙම විභාගය පැවැත්වෙන කාල සටහන ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියේ (www.slbfe.lk) ලබන 25 වැනිදා පළ කරනු ලබන බව ද කාර්යංශය නිවේදනය කරයි.
 
එම කාල සටහන 25 වන දින පරීක්ෂා කර බලා නියමිත දිනට සහ නියමිත වේලාවට විභාගය සඳහා සහභාගි වන ලෙස අපේක්ෂකයන්ට දැනුම් දෙන බව ද කාර්යංශය තව දුරටත් කියා සිටිියි.