(නිමල කොඩිතුවක්කු)
සාගර පර්යේෂණ සදහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබද කොරියානු විද්‍යායතනය තීරණය කර ඇත.කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමක් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතර අද(21) පැවති සාකච්ජාවකදී මෙම තීරණය ගනු ලැබිණි.
ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය සහ කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනය අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිතා වැඩසටහන පිළිබඳව සාකච්ජා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
ඒ අනුව සාගර පර්යේෂණ කටයුතු සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ විශේෂඥන් සදහා පුහුණුව සහ නවීන පහසුකම් සැලසීම දෙරට අතර සාගර පර්යේෂණ සහයෝගිත වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකයි.

