කොරියා මාල හොරා අහුවේ


දකුණු කොරියාවේදී මාස කිහිපයකට පෙර මිය ගිය අරවින්ද විමලසිරි නම් අනුරාධපුර තලාවේ වැසියාගේ ග්‍රෑම් 60 රන් මාලය  හෙට්ටිවීදියට විකිණු බව කියන විදේශ අමාත්‍යංශ තැපැල් අංශයේ කාර්යාල කාර්යාල සේවකයෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් කරනු ලැබීය.

 සමන්ත ජයලත් එම පුද්ගලයාය. පසු ගිය ජුනී දෙවැනි දා දකුණු කොරියාවේ සිට විදේශ අමාත්‍යංශය මගින්  ශ්‍රී ලංකාවට එවන ලද මාලය  විමලසිරිගේ බිරියට නොලැබිණි.

සැකකරු ව්‍යාජ අත්සන් යොදා එම මාලය ලබාගෙන රුපියල්  එක්ලක්ෂ අනුහයදහසකට හෙට්ටිවීදියේ රන්බඩු කඩයකට විකුණා ඇත.

රන්බඩු සාප්පුව එම මාලය උණු කැර ඇතැයි ද සැකකරු ළග තිබී රුපියල් එක්ලක්ෂ හෑත්තෑඑක්දහසක් සොයාගෙන ඇතැයි ද පොලීසිය කියයි.

එම මාලය අස්ථාන ගතවීමෙන් පසු විදේශ අමාත්‍යංශයේ තිදෙනකුගේ වැඩ තහනම් කැර අති බවද උසාවියේදී කියැවිණී.