කොරියා දූතයෝ එති


ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ආරාධනයක් අනුව කොරියා ජනරජයේ විශේෂ දූත කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. මෙරටට පැමිණි එම දූත පිරිස පිළිගනු ලැබූයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය විසිනි.

මෙම කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පළමුව කතානායක කරු ජයසූරිය මහතා හමුවිය. පසුගියදා කොරියාවේ සෝල් නුවර දී අවසන් වුණු දකුණු ආසියා දේශපාලන පක්ෂ සංසදයේ මාධ්‍ය සමුළු සැසිවාරයේ දී එම සැසිය නියෝජනය කළ කොරියා පාර්ලිමේන්තු නියෝජිත පිරිසට අමැතිවරිය මෙම ආරාධනය කළාය.

මෙම දූත පිරිසට කොරියානු ජාතික සභාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සභාපති කිම් දූන් ජින්, කෘෂිකර්ම, ආහාර, ග්‍රාමීය කටයුතු, සාගර හා ධීවර කාරක සභාවේ සභාපති පාර්ක් මින්සූ, සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සාමාජික චෝයි ඩොන් ඉක් ඇතුළු පිරිසක් අයත් වූහ.

දෙරට අතර පවතින වෙළඳ, දේශාපාලන සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත්ව හා පුළුල්ව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ. එසේම, ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස කරනු ලැබූ ආරාධනයට ද මෙරට දී දක්වනු ලැබූ ආගන්තු සත්කාරයන්ට ද කොරියා දූත පිරිසේ විශේෂ ප්‍රශංසාවක් හිමි විය.

11260588_1020796136201510014578349_692842770580105524_n 12038006_10207961364858356_201510014093458435035545280_n