කොරියා කටු සායනයට කොරියාවෙන් එයි


ආයුර්වේද වෙදකමට සහ කොරියා කටු චිකිත්සාවද ප්‍රචලිත කිරීමේ අරමුණින් ‘නිරෝගී දිවියට පෙරදිග ප්‍රතිකාර යන තේමාව‘ යටතේ දින හතරක් පුරා සංවිධානය කර ඇති දකුණු කොරියා වෛද්‍ය ජංගම සායනය අද (28) ලුනාව ආයුර්වේද දිස්ත්‍රික් රෝහලේ ඇරැඹිණි.

ලුනාව ආයුර්වේද දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත සිල්වා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එක්ව පවත්වන මෙම වෛද්‍ය සායනයට කොරියා විශේෂඥ වෛද්‍යවරුන් වන කිම් කී ජින්, නම්හෝ මුන්, ලී කැන්ග්, ජුන්ග් පිල් සිඔන්, ජන්ග් යෙඔන් රොක්, කෙන්ග් සුක් හොන්ග්, ලී ජිඔන්ග් යන්ග් යන පිරිස එක්ව සිටියහ.

මෙම වෛද්‍ය සායනයෙන් සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කරන බවත් සියලු සංධිගතරෝග අංශභාගවැනි රෝග කොඳුඇට පෙළ සම්බන්ධ රෝග දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි රෝගද ඊට ඇතුළත් බව වෛද්‍යවරු කියති.

 lunawa_20159289302 lunawa_20159289303 lunawa_20159289304 lunawa_20159289308 lunawa_20159289309 lunawa_20159289310 lunawa_20159289311

lunawa_2015928931