කොරියා උසාවියක් ලාංකිකයාගේ ඇඟ බදී
දකුණු කොරියාවේ ක්වැන්ජු නගරයේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් 13 හැවිරිදි කොරියා දැරියක් බලහත්කාරයෙන් ස්පර්ශ කිරීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්විය. දැරියකගේ හිරිඔතප් බිදීමේ වරදට රුපියල් ලක්ෂ තුනහමාරක දඩයක් ගෙවන ලෙස එහි අධිකරණය නියෝග කැර ඔහුගේ ඇඟ බැන්දේය. ශ්‍රී ලාංකිකයා එම වයසේ දියණියකගේ පියෙකි. මෙයට පෙර ද සංගීත ප්‍රසංග වැනි ස්ථානවලදී කාන්තාවනට හිරිහැර කළ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකුටම අධිකරණය දඬුවම් නියම කැර ඇත.

