එංගන්තයේ ලීඩ්ස් රජයේ රෝහලේදී පසුගිය සතියේ කොරවූ අතක් වෙනුවට අලුත් අතක් බද්ධකිරීමේ සැත්කමක් සිදුවිය. නානාවිධ ගැටලු සහිත සංකීර්ණ සැත්කමක් සාර්ථකව සිදුකළ මුල්ම අවස්ථාව මෙය බව වෛද්‍යවරු කියති.
ඉතිහාස ගතවන මෙම ඉන්ද්‍රිය බද්ධකිරීමට ලක්වූ රෝගියා වුයේ 51හැවිරිදි මාර්ක් කාහිල්ය. රක්තවාතය හේතුවෙන් ඔහුගේ දකුණත සම්පුර්ණයෙන්ම වාගේ කොරවී තිබිණි. මෙම ආසාධිත තත්වය පිළිබඳව සැක පහළවුදා සිට විවිධ වෙදකම් සිදුකළද එයින් පලක් සිදුනොවූ බව කාහිල් මහතා කියයිග ඔහුගේ අත නැවත යථාතත්වයට පත්කළහැකි විවිධ අංශයන් පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදුකල ශල්‍ය වෛද්‍ය මහාචාර්ය සයිමන් කේ තීරණය කළේ සුදුසුම ක්‍රියාව අලුතින් අතක් බද්ධ කිරීම බවයි. සැත්කමට පැය අටක් ගත විය. අලුතින් බද්ධ කළ අත හොඳින් සම්බන්ධ වී ඇති බවත් සතුටුවියහැකි ලෙස අත ක්‍රියාත්මක වන බවත් ඔහු කියයි.
මෙම ශල්‍යකර්මය දිගු කාලයක සංකීර්ණ අත්හදා බැලීම් සහ ලකලෑස්තිවීම් සමුදායක මස්තකප්‍රාප්තිය බව මහාචාර්ය සයිමන් කේ පවසයි. අවුරුදු දෙකක් තිස්සේ සිදුකළ අත්හදාබැලීම් රැසකින් පසුව වෙන අයකුගේ අතක් තවත් කෙනකුට බද්ධ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක හුරුව සහ ඥානය තම කණ්ඩායමට පැහැදිලිවම තිබෙන බව ඒත්තු ගිය නිසා මෙම බද්ධ කිරීම සිදුකිරීමට තීරණය කළබවද ඔහු කියයි. මීට පෙර ලෝකයේ රටවල් බොහොමයක හදිසි අනතුරු හෝ කැපුම් කෙටුම් නිසා වෙන් වූ අත් පා බද්දකිරීම් සාර්ථකව සිදුකර තිබුණත් මිනිසුන් දෙදෙනෙකුගේ අවයව එකට බද්ධකිරීමක් මෙතෙක් කල් සාර්ථක වී නැතග මෙවන් සැත්කමකින් පසුව ඇතිවන මානසික ගැටලු පිළිබඳවද මෙහිදී සිතාබැලීමට සිදුවන බව වෛද්‍ය කණ්ඩායමේ නිගමනය වියග 1998 නවසීලන්තයේ දී කොරවූ අතක් වෙනුවට රිය අනතුරකින් මියගිය කෙනෙකුගේ අතක් සාර්ථකව බද්ධකළ නමුත් අවුරුදු දෙකක් වැනි කාලයක දී එම රෝගියා , මියගිය අයෙකුගේ අතක්, සමග ජීවත්වීම මානසිකව අසහනයට පත් කරන්නක් බව කියමින් එය නැවත ඉවත් කරන ලෙසට කන්නලව් කළේයග මෙනිසා මාර්ක් කාහිල් ගේ සැත්කම සිදුකිරීමට කලින් ඔහුට බද්ධ කරන අලුත් අත ලබාගන්නේ හදිසි අනතුරකින් මියගිය කෙනකුගෙන් බවත් හැකිතරම් දුරට ඔහුගේ ශරීර ලක්ෂණ සහ වයසට සමීප වන කෙනෙකුගෙන් බවත් දන්වා ඒ පිළිබඳව ඔහුගේ මනස සංසිඳුවීමට මනෝ වෛද්‍ය කණ්ඩායමක සහයද ලබාගෙන ඇත.

