කොමිසමෙන් දුන්නත් පොලිස්පති නුදුන් උසස්වීම ගැන හිටපු ජනපති ප්‍රශ්න කරයි


 

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ස්වාධීන කොමිසන් සභාවල වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා බලතල දීමටත් කටයුතු කළ යුතු යැයි කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) රජයෙන් ඉල්ලීමක් කළේය.

පොලිස් කොමිසම මගින් උසස්වීමත් ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ එම උසස්වීම පොලිස්පතිවරයා විසින් අත්හිටුවනු ලැබ තිබීම පිළිබඳව විෂය භාර ඇමැතිවරයාගේ අවධානයට යොමුකරමින් රාජපක්ෂ මහතා ඒ බව කීය.

මහින්ද රාජපක්ෂ මහතා - පොලිස් කොමිසම ගන්න සමහර තීන්දු පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරනවා නම් ඒ කොමිසමට පඩි වැඩි කරලා වැඩැක් නැහැ.

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා  - මම ඔබ තුමාගෙන් අහන්නේ පොලිස් කොමිසම දුන්න මොන තීන්දුවද ක්‍රියාත්මක නොවී තිබෙන්නේ

මහින්ද රාජපක්ෂ මහතා - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහත්මයාට පොලිස් කොමිසම ලබා දුන්න උසස්වීම පාර්ලිමේන්තුවේ නායකයා වන පොලිස්පතිවරයාට නතර කරන්න අයිතියක් තිබෙනවද? එහෙම නම් මේ ස්වාධීන කොමිසමෙන් වැඩැක් තියෙනවද?

ස්වාධීන කොමිසමෙන් මේවා කරන්නේ සොයල බලලා අවාට ගියාම නොවෙයිනේ.එහෙම නම් ඒ තීන්දුවට ගරු කරන්න ඕන.මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.