(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ කටයුතු විවේචනය කරමින් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු වැඩසටහනට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (13) කොමිසමට දැනුම් දුන්නේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු නමැත්තාගෙන් හරස් ප්‍රශ්න විමසන අතරතුර කොමිසම ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.
පසුගිය දිනෙක එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩසටහනක් ප්‍රචාරය වු බවත් එම වැඩසටහනට සම්බන්ධ වු ඇතැම් අය කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් විවිධ ප්‍රකාශ කළ බවත් විනිසුරුවරයා පැවසීය.
එම වැඩසටහන හා එහිදී කොමිසමේ කටයුතු විවේචනයට ලක් කරමින් කළ විවිධ ප්‍රකාශ පිළිබඳව කොමිසමේ අවධානය යොමු වී ඇතැයි කී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා එයට එරෙහිව සුදුසු පියවර ගැනීම සම්බන්ධයෙන් සළකා බලන්නේ යැයිද කීවේය.

