කොම්පඤ්ඤවීදියේ නිවසක අබිරහස් මළ සිරුරක්


කොම්පඤ්ඤවීදිය රාමනායක මාවතේ නිවසක අබිරහස් ලෙස මියගොස් සිටි විශ්‍රාමික බැංකු නිලධරයකුගේ මළ සිරුරක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සොයාගත් බව පොලිසිය කියයි.

කෝටිපති අවිවාහකයකුවූ ජෝන් දීපාල් නමැත්තා මෙසේ මියගොස් ඇති බවත් කොළඹ 7, වෝරඩ් පෙදෙසේ පිහිටි තම නිවස විකුණා දමා මෙම නිවස කුලියට ගෙන නැවතී සිට ඇති ඒ අතර තමා සතු සියලු ඉඩකඩම් විකුණා එහි පැමිණ ඇති බවත් කියති.