කොම්පඤ්ඤවීදියේ පල්ලියකින් කඩු 47 ක් සොයාගනී


(ඉන්දිකා රාමනායක සහ තරිදු ජයවර්ධන)
 
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක්  සොයාගත් බව පොලීසිය කියයි.

පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එසේම පල්ලිය තුළ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් (පුපුරණ ද්‍රව්‍ය නොමැති) සොයා ගත් බව පොලිසිය පවසයි.

ආයුධ  සියල්ල  හා පුජකවරයා  මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙයි.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියක් තුළ තිබි  යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා)  කිහිපයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. 

 


 

(ඡායාරූප ශාන්ත රත්නායක)