වෙළෙඳ සේවා හොකී සංගමය 35 වැනි වරට සංවිධානය කළ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොමර්ෂල් බැංකුව මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් හත්වැනි අවස්ථාව මෙය වේ.
සමාගම් සහ ආයතන කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් ඒ, බී, සී, ඞී සහ ඊ යන කාණ්ඩ පහකින් මෙම තරගාවලිය බොරැල්ල පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (23) නිමාවිය.
‘ඒ’ කොටසේ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ පිල පරදවා කොමර්ෂල් බැංකු පිල ගෝල 3-1 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ගෝල 1-1 ක් ලෙස දෙපිලම සමව සිටි අතර දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් ලබාගත් කොමර්ෂල් බැංකු පිල ජය ලැබීය.
ජයග‍්‍රාහී කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ, නායක නවීන් පද්මසිරි සහ අංජු හේවගේ ගෝලය බැගින් ලැබුහ. හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් එම්. එම්. ගසාලි ගෝලය වර්තා කළේය.
වර්ෂාව මධ්‍යයේ පැවැති අවසන් තරගයේ අවසාන විනාඩි කිහිපයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ගැටුමක් ද හට ගත්තේය. කෙසේ වෙතත් විනිසුරුවරුන් හා සංවිධායකවරුන් එක්ව ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කළහ.
කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ ‘ඒ’ කොටසේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. වසරේ දක්‍ෂතම යොවුන් කී‍්‍රඩකයා ලෙස කොමර්ෂල් බැංකු පිලේ ජනිත විතාරනගේ තේරීපත්විය.
සෙසු අවසන් තරග ප‍්‍රතිඵල:
‘බී’ කාණ්ඩය:
යුනිලිවර් සමාගම් පිල විසින් කොමර්ෂල් බැංකු ‘බී’ පිල පරාජය කරන ලදී. (දඬුවම් පහර 1-0)
‘සී’ කාණ්ඩය:
බ‍්‍රවුන්ස් සමාගම් පිල විසින් ඒ. ඩබ්. ඞී. සමාගම් පිල පරාජය කරන ලදී. (1-0)
‘ඞී’ කාණ්ඩය:
අවිවා එන්. ඞී. බී. බැංකුව විසින් හේලීස් සමාගම් පිල පරාජය කරන ලදී. (3-1)
‘ඊ’ කාණ්ඩය:
ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුව විසින් ගැලැක්සෝ ස්මිත් ක්ලයින් පරාජය කරන ලදී.(දඬුවම් පහර 3-2)