කොන්සියුලර් සේවා විදේශ අමාත්‍යාංශය සීමා කරයි


( තිළිණි ද සිල්වා)

පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ කටයුතු ඉදිරිදිනවලදී සීමාසහිත විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. නිවේදනයක් නිකුත් කර ඇත.

එබැවින්, ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි/අව්‍යාජ අවශ්‍යතා සඳහා ලබාදෙන සේවා වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබාදෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛන හා අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමකින් සිදු කළ වෙන්කර ගැනීමකින් පමනක් බවද අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය කියා සීටී.

එසේ පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගැනීම සඳහා දුරකථන අංක- 0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් සිදු කරගත හැකි යැයිද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.