(විනීතා එම් ගමගේ)
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මඟින් විවිධ ලේඛන සහතික කිරීම සඳහා අයකරනු ලබන ගාස්තු ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
1981 අංක 04 දරණ කොන්සියුලර් කටයුතු පනත යටතේ අයකරනු ලබන ගාස්තු මෙසේ සංශෝධනය කර ඇත.
මේ අනුව විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සඳහා රුපියල් 500 ක් ද, විදේශ ජාතිකයකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ඕනෑම සහතිකයක් සඳහා රුපියල් 1500 ක් ද අපනයන කටයුතු සඳහා නිකුත් කරන ඕනෑම ලේඛණයක් සඳහා රුපියල් 6000 ක් ද වෙනත් ඕනැම ලේඛණයක් සඳහා රුපියල් 800 ක් ද ලෙස නව ගාස්තු සංශෝධනය කර ඇත.
මේ සඳහා වන 2044/39 අංකයැති අති විශේෂ ගැසට් නිවේදනය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ඉකුත් නොවැම්බර් 9 දා තමින් යුතුව නිකුත් කරනු ලැබ ඇත.

