කොන්දොස්තරගෙන් මගීන්ට ටොෆි
කොටුවේ සිට ධාවනය වූ මාර්ග අංක 103 පෞද්ගලික බස්රථයක කොන්දොස්තර අද උදේ ඉතිරි මුදල් වෙනුවට මගීන්ට ටොෆි දුන්නේය. රුපියල් 9යේ ටිකට්පතට රුපියල් 10ක් දුන් හැම මගියෙකුටම ඔහු කළේ මාරුකාසි නැතැයි පවසමින් ඉතිරි රුපියල වෙනුවට ටොෆියක් දීමයි. මොහු ටොෆි තොග ගණනේ මිලට ගෙන එයිනුත් ලාභයක් ලබතියි මගීහු කීපදෙනෙක් කීහ.
මෙවැනි දේ කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ ගැන සොයා බලා නවත්වන බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

