කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිල පරදවති


සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පිල තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී ඊයේ (25) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 88 ක ජයක් ලැබීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 228 (ස්ටෙපෙනි ටේලර් 53, එස්. ඩලියි 63, මිරිස්සා අල්ගිලෙයිරා 62, ස්ටෙසි ඈන් කිං 21, චමනි සෙනෙවිරත්න 40/2, මධුරි සමුදිකා 39/2) ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 140 (චමරි අතපත්තු 19, ඩිලානි මනෝදර 37, ශෂිකලා සිරිවර්ධන 34, අනීෂා මොහොමඞ් 34/5)