කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීය. බාර්බඩෝස්හිදී ඊයේ (29) පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 45 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීමට සමත් වූහ.මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 40 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වූවාය. ශෂිකලා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වෙමින් ලකුණු 34 ද රැුස් කළාය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 40 කදී කඩුලූ 7 ට 168 (ස්ටෙෆෙනි ටේලර් 44, එස්. ඩෙලි 63, එම්. ඇල්ගිරෙයිරා නොදැවී 20, ශෂිකලා සිරිවර්ධන 40/4)ශ්‍රී ලංකා පිල ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 131 (ශෂිකලා සිරිවර්ධන 34, ශ්‍රීපාලි වීරක්කොඩි 29, ඩිලානි මනෝදර 14, සඳමාලි දොළවත්ත 14, එස්. මුන්රො 15/3, එස්. ඩෙලි 25/3)

