කොත්මලේ වාන් දොරටු අරී


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පෙර දින රාත්‍රියේ සිට පවතින මහ වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද දහවල් විවෘත කැරිණි.

විමල සුරේන්ද්‍ර ජලාශය ද වාන් දමයි.

ලක්ෂපානේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.

දික් ඔය පිටාර ගැලීමෙන් හැටන් කොටගල පවුල් පනහක පමණ නිවාස ගං වතුරෙන් යට වී ඇත.

නුවර එළිය- හැටන් සහ හැටන්-කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දක්වා ප්‍රදේශ පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බවත්, පාර ලිස්සන සුළු බවත් පොලිසිය කියයි.

අවතැන්වූවනට පහසුකම් සලසන බව නුවර එළිය මහ දිසාපති ජේ පී ජී කුමාරසිරි මහතා කියයි.