(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර ඇත.
තව දුරටත් වැසි ලැබෙමින් පවතින බැවින් එම ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැළකිළිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාරයේ ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.
අධික වර්ෂාවත් සමඟ ඩෙවොන් දියඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.
නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටි ඇති අතර තව දුරටත් පවතින වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි සැළකිළිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් නගරයේද අතුරු මාර්ග කිහිපයක ජලයෙන් යට විම නිසා ජල ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.