
(සුරංග රාජනායක)
කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු ආර්.එම්.වත්සල මහතා පවසයි.
භූගත ජල පහරක් අවහිරවීම නිසා මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි ඔහු සැකකරයි.
කෙසේ වුවත් පේරාදෙණිය භූ විද්‍යා අංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට නියමිත බවද ඒ මහතා කියයි.
මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාව නිසා කොත්මලේ ජලාශයේ ජලමට්ටම ද ඉහළ ගොස් ඇත.


