කොත්මලා ඔයට මෝටර් රථයක් පෙරලි දෙදෙනකු මරුට


රංජිත් රාජපක්ෂ

නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට  පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි. 

අද (18) පස්වරු 4.00 ට පමණ ධාවනය වෙමින් තිබු මෝටර් රථය ජලාශයට පෙරලි මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසයි.
 
ජලාශයට පෙරලූණු මෝටර් රථයේ තිබි ප්රදේශවාසින් එක්ව ගොඩ ගත් සිරුරු දෙක ලිදුල ප්රාදේශිය රෝහල වෙත යොමු කර තිබේ.
 
මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබඳව පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත. 

අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරලි ඇති බව තලවාකැලේ පොලිසිය කියයි.
 
මෝටර් රථයේ ගමන් ගත් අය ගම්පහ නැදුම්ගමුව ප්රදේශයේ පදිංචිකරුවන් බවට දැනට හදුනාගෙන ඇත.

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි 

 ඡායාරූප - රංජිත් රාජපක්ෂ

ඡායාරූප - ගාමිණි බණ්ඩාර