(රංජන් කස්තුරි)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරිතාවෙන් විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට ඇතුළු කර ගැනීමට කැබිනට් පත්‍රිකාවකින් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
අපොස උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 3 ක් සමත්වීම හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ සුදුසුකම් සම්පුර්ණ කර තිබීම ,සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ මුලික සුදුසුකම වන බවට කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන අතර එය කිසිසේත් පිළිගත නොහැකි වන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සම්ති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා සඳහන් කරයි.
විද්‍යා විෂය ධාරාවෙන් සී සාමාර්ථ 2 ක් හා එස් සාමාර්ථය සහිත අවම ඇතුළත් වීමේ සිදුසුකම් නැති සයිටම් සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළු කරීමටත් ප්‍රමාණවත් පුහුණුවක් හා ඇගයීමක් සිදු කර නොමැති සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් උපාධිය පිරිනැමීමට විරෝධය දක්වන බවද ඔහු කීවේය.