කොතලාවල සරසවිය පිට අයටත් ඇරේ
රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ උපාධිය හැදෑරීමට සාමාන්‍ය ජනතාවට ද මේ වසරේ සිට ඉඩ ලැබෙන බව උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් කියයි. ගුවන් යානා ඉංජිනේරු ශිල්පය හා නාවික ඉංජිනේරු ශිල්පය හැදෑරීමට ඇති එකම සරසවිය මෙයයි. එහි සියලු පාඨමාලා මුදල් ගෙවා හැදෑරීමට හැකි බව ද උපකුලපති කියයි.

