කොතලාවල සංශෝධිත පනතට කතානායක අත්සන් තබයි


(සුජිත් හේවාජුලිගේ)
 
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට අවෂ්‍ය  විධිවීධාන සැලසීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත කරුණු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවීධාන) පනත් කෙටුම්පතට කතානායක කරු ජයසුරිය මහතා අද(28) උදේ අත්සන් තැබීය.
 
ජෝන් කොතලාවල අරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත කෙරිණි. ඒ එදින දවස පුරා පැවති විවාදයකින් අනතුරුවය.
 
පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තැබීමත් සමඟ අද(28) සිට  එය බලාත්මක වූ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.