කොතලාවල පිවිසුමේ වාහන තදබදයක්


කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ කියති.

එම පිවිසුම ආසන්නයේ බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුවූ බවත් ඉතා දිගු වාහන පෝලිමක් තිබූ බවත් සඳහන් කරති.

වාහන තදබදයට හේතුව කුමක්දැයි අනාවරණය නොවූ අතර පොලිසිය සඳහන් කළේ ඉරිදා දිනයේ සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක් දැකගත හැකි බවයි.

DSC076020159139 DSC076142015913