කොතලාවල පනතට කොළඹ වෛද්‍යපීඨ සිසුන්ගේ විරෝධය


(ළහිරු හර්ෂණ)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹදී අද (04) පැවැත්විණි.

වෛද්‍ය පීඨ සිසුහු කළු පටි පැළැඳ විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයට එක්ව සිටියහ.

කොළඹ වෛද්‍ය පීඨයේ අසලින් පා ගමන ආරම්භ වූ අතර එතැන් සිට වෝඩ් පෙදෙස ඔස්සේ පැමිණ ලිප්ටන් වටරවුමට පැමිණි පිරිස විරෝධතාවයේ නිරත වූහ.