
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
“නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්" යන ඉල්ලීම මුල්කරගනිමින් විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කිරිබත්ගොඩ නගරයේ දී අද (15) පැවැත්විණ.
නිරෝධායනය මුවාවෙන් ගෙනයන වෘත්තීය සමිති සාමාජිකයන් මර්දනය කිරීම, සහ දැනට නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටින ලංකා ගුරු සේවා සංගමයේ ජෝසෆ් ස්ටාලින් ඇතුළු සාමාජිකයන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් හේතුකොටගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.
ගුරුවරු ගුරුවරියන් මෙන්ම විදුහල්පතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





