කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය



 
 
රංජන් කස්තුරි

 
ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම පනතට විරෝධය දක්වන සියලු පාර්ශව සමඟ එක්ව එම විරෝධතා සංවිධානය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම පනත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියත්,ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යභාරයත් හෑල්ලුවට ලක්වන බවද එම නිසා එවැනි පනතක් සම්මත කිරිමට ඉඩනොදෙන බවද වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කරයි.

මීට අමතරව කොතලාවල සයිටම්  හවුල් පනත පරාජය කිරිම සඳහා ජනතාව පෙළ ගැස්වීමය හා දැනුවත් කිරිමට පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු කීය.