බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමට සම්බන්ධ සිසුන් පස් දෙනෙකු අද (12) පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
එම සිසුන් අතර නීති පීඨයේ සිසුන් සිව් දෙනෙකු හා ඉංජිනේරු පීඨයේ සිසුවකු සිටින බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලද දෙවැනි වසරේ සිසුන් තිදෙනාගෙන් එක් සිසුවකු අද (12) වන විටත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුයුක්ත වේරහැර පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.

