(විනීතා එම් ගමගේ)
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් කරන ලෙස අවසන් නිවේදනය ද නිකුත් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
එම රෝහලේ අපද්‍රව්‍ය දහනය කෙරෙන උදුනක් වේරහැර, සීලවතී පෙරේරා මාවතේ පිහිටි නිවාසවල මායිමේ සිට මීටර් දෙකක් දුරින් පිහිටා ඇත.
එහි අපද්‍රව්‍ය දහනය කෙරෙන අවස්ථාවන්හිදී එම උදුන්වලින් නිකුත්වන දුමින් එකී නිවාස වැසී යන බවට එහි වැසියන් කළ පැමිණිල්ල පිළිබඳ සොයා බැලීමේ දී එවැනි තත්ත්වයක් ඇතැයි හෙළි වූ බවත් ඒ අනුව අධිකාරියේ නිලධාරින් දෙවතාවක් එහි ගොස් අවට නිවැසියන්ට හිරිහැර නොවන පරිදි අපද්‍රව්‍ය ඉවත්කරන අන්දම පිළිබඳ රෝහල් බලධාරින්ට උපදෙස් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
එහිදී නිවාස ආසන්නයේ ස්ථානගත කර ඇති දහන උදුන් වෙනත් ආරක්ෂාකාරි ස්ථානවල ස්ථානගත කිරිමට උපදෙස් දී ඇතැයි ද එම උපදෙස් නොතකන්නේ නම් අධිකරණමය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නට කටයුතු කරන බව ආරක්ෂක පීඨ රෝහල වෙත දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සහ උපදේශනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරන ආයතන හා රෝහල්වටල එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය තිබේ. කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස මෙම රෝහල තොරාගෙන තිබු බැවින් හා එහි දැඩි සත්කාර ඒකකයේ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ බැවින් ප්‍රදේශවාසින් මේ සම්බන්ධ වඩාත් බියට පත්ව සිටියහ.

