කොතලහිඹූටු කෝප්ප තොගයක් ගුවන් තොටෙන් අල්ලයි


(ටී.කේ.ජී.කපිල )
                       
කොතළ හිඹුටු වලින් නිෂ්පාදනය කරන ලද කෝප්ප තොගයක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ 45 හැවිරිදි චීන ජාතික ගුවන් මගියෙකු අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
 
මෙම චීන ජාතිකයා මෙම කෝප්ප එකක් රුපියල් 13,000 බැගින් ගෙවා , බේරුවල ප්‍රදේශයේ සාප්පුවකින් මිලදී ගෙන තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 104,000 ක් බව රේගුව පවසයි .