කොණ්ඩා කපන්න ගාණ වැඩී කීවාම පිට කපලා


 (ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ කරණවැමියකුගේ පිහි පහරට ලක්වු පුද්ගලයකු තුවාල ලබා පුත්තලම මුලික රෝහට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ 6 යේ කණුව රෙඩ්බානා ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයෙකි.

කොණ්ඩය සහ රැවුල කපා ගැනිම සදහා අය කරන මුදල වැඩි බවට පැවසිමත් සමඟ දෙදෙනා අතර  සිදු වූ වචන    හුවමාරුවකින් පසුව කරණවැමියා දැලි පිහියෙන් සේවාදායකයාගේ පිට ප්‍රෙද්ශයට  පහර දි ඇත. 

සිද්ධිය පිළිබඳ පුත්තලම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.