කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතන සිද්ධියෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා වෙනුවෙන් තමන් ඇතුළු නීතීඥ පිරිසක් මානව හිමිකම් යන බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා කියයි.
තමා බන්ධනාගාරයට ගොස් ඔහු හමු වූ බවත්, රහස් පොලිසියෙන් ඔහුට පහර දී ඇතැයි ඔහු කී බවත්, ඔහු මීට පෙර කළැයි කියමින් රහස් පොලිසිය මාධ්‍යයට දුන් ප්‍රකාශ ගැන පොලිසිය වග කිව යුතු බවත් ප්‍රේමරත්න මහතා පවසයි.
එම අපරාධය කළ බවට ඔහුගේ කටඋත්තරය ලියාගෙන ඇත්තේ ඔහුට පහර දී බවත්, ඔහු වරදකරුවකු වීමටත් පෙර ඔහු කළැයි කී පාපොච්චාරණය පුවත්පත්වලට දී කොණ්ඩයාගේ චරිතය ඝාතනය කර ඇතැයි ද නීතීඥවරයා කියයි.
ඔහු දවස් 24ක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් වූ පාසල් සිසුවා හා එක්දරු පියා ද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

