කොණ්ඩයාගේ අයියාත් ජාන පරීක්ෂණයකට


කොටදෙණියාව, බඩල්ගම, අකරංගහ සේයා දැරිය කෙලෙසා ඝාතනය කළැයි අත් අඩංගුවට ගත් දෙවැනි සැකකරු අද සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඔහු කැමැත්තෙන් මෙම ප්‍රකාශය කරන බව මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

අයි.ජී.සමන් ජයතිලක නම් මෙම සැකකරු මීට කලින් අත් අඩංගුවට ගත් දිනේෂ් ප්‍රියන්ත නොහොත් කොණ්ඩයාගේ සහෝදරයකු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුගෙන්ද මීට කලින් කටඋත්තරයක් ගෙන මුදාහැර සිටි බවත් කොණ්ඩයාගේ ප්‍රකාශයක් අනුව පසුව ඔහු අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයට දැන්වීය.

දෙදෙනාම ලබන 19 වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් දෙවැනි සැකකරු ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියෝග කළේය.

කොණ්ඩයා සම්බන්ධ ජාන පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබී නොතිබිණි.

සේයා දැරියගේ මව්පියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා පැවසූයේ කොණ්ඩයා සම්බන්ධ පළ නොවිය යුතු සියලු විස්තර පුවත්පත්හි පළවී ඇති බවයි. ඔහුගේ සහෝදරයා සම්බන්ධව එවැනි විස්තර යළි පළවිය හැකි හෙයින් ඒවා නතර කරන්නැයි ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේ එවැනි තහනම් නියෝගයක් කිරීමට තමාට නොහැකි නමුත් සියලුම පාර්ශ්ව වගකීමෙන් වැඩකළ යුතු බවයි.

WEBd3b746da98c82a64f20151051163d0bc9f5cad961d601a3d93f5ef284948fea484

60af46dc376294e5eb1e7d9f5995d3218be201510505502e71150b4920426fee39a31f1 635fba0fc8640681f87f24ba2015105637389e1c9b9dde5e3140983cc0aa51832fd4fa7