කොණ්ඩයා වෙනුවෙන් නීතීඥවරු තිදෙනෙක් මානව හිමිකම් යති


කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැසිය සැකපිට දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි කියමින් නීතීඥ උදුල් පේමරත්න මහතා ඇතුළු නීතීඥවරු තිදෙනෙක් අද (20) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.

සේනක පෙරේරා හා මංජු ශ්‍රී චන්ද්‍රසේන සෙසු නීතීඥවරුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ පොලිස්පති එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

දුනේෂ් ප්‍රියෂාන්ත ඝාතනයේ වගකීම බාර ගනිමින් සවිස්තරාත්මක ප්‍රකාශයක් කළ  බව රහස් පොලිසිය මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත්, ඉන් පසු කොණ්ඩයා සම්බන්ධ නැතැයි කියමින් මුදා හැරි බවත්, එවැනි සවිස්තර ප්‍රකාශයක් අපරාධය ගැන හොඳින් දන්නා පොලිසිය හැර වෙන කෙනකුට කළ නොහැකි බවත්, ඒ ගැන පොලිසිය වග කිව යුතු බවත් ප්‍රේමරත්න මහතා කියයි.

කොණ්ඩයා රහස් පොලිසියට ගෙන ගිය මොහොතේම බිත්තියක ඔළුව හැප්පා ඇතැයි කොණ්ඩයා කී බව ද, නළලේ ඇත්තේ එම තුවාලය බව ද ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

IMG_0794 IMG_0806