කොණ්ඩයයි අයියයි අදත් උසාවියේ


කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා ද, ඔහුගේ සහෝදරයා වන සමන් ජයලත් ද මීට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබූහ.

අධිකරණ භූමියේ හා අවට ආරක්ෂාවට පොලිසියේ 50ක් පමණ යොදවා ඇත.

මීගමු බන්ධනාගාරයේ සිට පැමිණි බන්ධනාගාර බසයට ද පොලිස් ආරක්ෂාව දී තිබුණු අතර එය අධිකරණ ශාලාව අසලටම පැමිණ නැවැත්වීය.