බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමේ රාජකාරියේ යෙදී සිටි කිරුළපන පොලිස් ස්ථානාධිපති උපුල් සමරසිංහට සිය කනගාටුව පළ කළ බස්නාහිර පළාත් හිටපු ඇමැති උපාලි කොඩිකාර රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ඇපකර දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග බලෙන් එහි ඇතුළුවන්නට ගොස් පොලිසියට බැන වැදී රාජකාරියට බාධා කළැයි උපාලි කොඩිකාර රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
සිංහල සිරිතට උසාවියේදී දෑත් එකතුකර ආචාර කළ කොඩිකාර පොලිස් ස්ථානාධිපතිට සිය කනගාටුව පළ කළේය. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුට ඉන්දුනීසියා සංචාරයක යෙදීමට අවසර දුන්නේය. සංචාරය හමාරවී හැම ඉරිදාවකම කුරුඳුවත්ත පොලිසියට වාර්තා කරන ලෙස ඔහුට නියෝග කෙරිණි. නඩුව නොවැම්බර් 2වැනිදාට කල් ගියේය.

