ශිරාන් රණසිංහ සහ බිඟුන් මේනක ගමගේ
දුම්රිය වර්ජනයත් සමඟ අපහසුතාවට පත්වූ මගීහු දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය මෙන්ම අතුරු මාර්ග වලද රැඳී සිටීමෙන් කොටුවේ අතුරු මාර්ග රැසක් ද අවහිර වී තිබේ.
නිවෙස්වලට යෑමට බස් නැවතුම්පොළට ගිය ද වෙනදා තරම්වත් බස් නැතැයි දුම්රිය මගීහු කියති.
මාර්ගය රවහිර වීම නිසා බස් ගමනාගමනය ද අඩාල වී ඇත.
කොළඹ කොටුව ප්‍රදේශයට මීට ටික වේලාවකට පෙර වර්ෂායවක් ද ඇදහැලෙන්නට විය.

