
(ඉන්දිකා රාමනායක)
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියෝ අද (9) පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ති‍්‍රවිධ හමුදා, පොලිස් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ සංසදය විසින් සංවිධානය කළ සාමකාමී පාගමනක් අතරතුර ගැටුමක් නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට උත්සහ කිරීම හා පොදු දේපළ වලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
එම සංවිධානයේ සාමාජිකයන් පිරිසක් සමග අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත පැමිණි ජඹුරේවෙල හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
පොලිස් ජිප් රථයට ගල් ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවට පිරිස් විසින් අල්ලා පොලිසියට බාරදුන් පුද්ගලයන් දෙදෙනා කිසිදු විමර්ශනයක් සිදු නොකර මුදා හැර ඒ වෙනුවෙන් තමන් ඇතුලූ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ සැලසුම් කිරීම හා පොදු දේපළ වලට හානි කළ පුද්ගලයන් දෙදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ද ජඹුරේවෙල හිමියන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටියහ.

