කොටියාට සල්ලි එකතු කළාට නඩු
කොටි සංවිධානයට අරමුදල් එකතු කළැයි කියන මුත්තයියා සිවකුමාර් හෙවත් රාජන් හා පොන්නයියා ආනන්ද රාජා හෙවත් අයියාට එරෙහිව නීතිපති කොළඹ මහාධිකරණයේ දී අද නඩු පැවැරීය. 2007 ජනවාරි 1 - 2009 මැයි 20 අතරදී කොළඹ දී හා ඇමෙරිකාවේ දී අධාර එකතු කළ බව චෝදනාවේ සඳහන්වේ.

