ශ්‍රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ.
2009 යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සිදුව නැතැයි ද එම වාර්තාවේ දැක්වේ. එසේ වුව ද ඔවුන් තවමත් ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සහයෝගය හා අනුකම්පාව ලබාගනිමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
2014 වර්ෂයේ ලොව පුරා රටවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවාධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන 13 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකු ඉන්දියාවේ අමෙරිකානු එක්සත් ජනපද සහ ඊශ්‍රායල තනාපති කාර්යාල වලට ප්‍රහාර සැළසුම් කළ පුද්ගලයින් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගට ගත් මාලදිවයින් ජාතිකයින් කිහිපදෙනෙකු ත්‍රස්ත පුහුණුවීම් සඳහා සිරියාවට යෑමට උත්සාහයක යෙදී ඇති බවට අනාවාරණය වූවා යැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

