කොටින් වළ දැමූ පතුරම් පෙට්ටි තොගයක් ගොඩ ගනියි



 
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)


කොටි සංවිධානය විසින් අවසන් යුද සමයේ  කිලිනොච්චිය, මුරුසමොටෙයි  ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් සොයා ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මුරුසමොටෙයි, මුරුගානන්ද විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ ගෙවත්ත අයිති ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක පළමුව පතුරම් පෙට්ටියක් දැක පසුව කිලිනොච්චිය පොලීසිය ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් සිදුකළ මෙහෙයුමකදී අදාළ ‍පතුරම් පෙට්ටි හමුවු බවටයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නි‍යෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සිදුකළ මෙහෙයුමක දී ටි 56 පතුරම් පෙට්ටි 02 ක් හා මිලිමීටර 12.5 ක් ප්‍රමාණයේ වන පතුරම් පෙට්ටි 38 ක් සොයා ගත් බවද කිලිනොච්චිය පොලීසිය පවසයි.