කොටි හිතවාදීහු නැගිටිති


මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැයි කියන යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙන් ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජයට බලකරන්නැයි කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙලෙස මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීමක් කර ඇත්තේ ලන්ඩන් නුවර මූලික කරගත් ගෝලීය දෙමළ සංසදය හා බ්‍රිතාන්‍යය දෙමළ සංසදය යන සංවිධානයන්ය.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීලංකා රජයට බල කරන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහයෝගයෙන් සම්මත කරගන්නා ලෙසද එම සංවිධාන කියා සිටී.

විශේෂයෙන්ම මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවෙන් පෙන්වා දී ඇති අතුරුදන් කිරීම්,වද හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිඹඳ සිද්ධි වලට වැඩියෙන් මුහුණපා ඇත්තේ උතුරේ අහිංසක දෙමළ වැසියන් මෙයින් එම අපරාධ වලට වගකිවයුත්තන්ට දඩුවම් ලබාදිය යුතු බවද ඔවුන් කියයි.

ශ්‍රීලංකාවේ සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයාබැලීමට විශේෂ දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්වරයා කළ නිර්දේශය තමන් ඉහළින්ම පිළිගන්නා බවද ඔවුහු පවසති.